ඉන්දියාවට අයෙත් පදිරිවෙමුද ?

පසුගියදා අවසන් වූ 2017 ලෝක රූ රැජින තරගාවලියේ ජයග්‍රහණය හිමි වූයේ අපිට අල්ලපු රට වූ ඉන්දියාවටයි.ජයග්‍රහණය තරගවලදි ඇරුනම ඉන්දියාව එක්ක අපිට කෝන්තරයක් නෑ කියලා විශ්වාස කරන නිසාම මේ කතාව වැදගත් කියලා හිතුවා. මානුශී චිලර් වයස අවුරුදු 20ක් තරම් ලාබාලැති තරුණියක්.හැබැයි මොඩ්ලිං කරපින්නාගෙන බියුටි පාලර් වල කල් ගෙවන තවත් “මිස්” කෙනෙක් නොවේ ඇය වෙන්ඩ “ඩොක්ටර්” කෙනෙකි.සැබෑවටම ඇය සුරූපීය අවිවාදිතවම ඇගේ ජයග්‍රහණය පිලිගත යුතුය.ඇයට සුබ පතන අතර මෙහෙම ලියන්නේ ලාංකීය මිස්ලා වංශකතාවේ බිඳ වැටීම ගැන කියන්නයි.

ඉන්දියාව වසර 17කට පසු මෙම කිරුල ගනිද්දි ලෝක විවාහක රූ රැජින වූ රෝසි මහත්මියගේ ගුණ පාරම්බානවා ඇර අපිට ඉතිරි යමක් නැත.ලංකාවේ පඳුරකට පයින් ගැසුවාද මොඩ්ලිං කරන ඈයෝ වීසි වෙති.පොත්ත පාටනම් ඔය කෝකත් එකය යන වැඩවසම් මානසිකත්වයෙන් නැගිටින්න කල් හරි බව අපි දැන්වත් සිහිකැඳවාගත යුතුය.සිය රට දේ සිරිසැප දේ යන්න වරදවා වටහාගෙන අපෙ කෙල්ලෝ ඇයි කැතද යන මොන්ගල් ප්‍රශ්ණය නාසා ඉන්දියාව හමුවේ අපි පැරදුනේ ඇයි දැයි කල්පනා කරමු.

අතීත ලංකාවේ විසූ කාන්තාවන් ඉන්දීය නිළියන් පැරදූ තරම් රූප සුන්දරියන් යැයි අපි අසා ඇත්තෙමු.එසේ වීනම් ඔවුන්ගේ දූලා කැත වෙලාද නැත්තම් ඉන්දීය ගැහැනුන්ට මැජික් බෙහෙතක් ලැබිලාවත්ද.
අපේ තියරියට අනුව පොත්ත සුදු නම්,කැට් වෝක් එක පුලුවන්නම් බාගෙට හෙලුව පේනවා නම් ආයේ මොඩ්ලින් කරන්න වෙන මොනවාද යන්නයි.නමුත් පශ්චාත් නූතනවාදය සමග ගැටෙන ලෝකය රූපයට වඩා ඉඩක් චින්තනයට ඇත.තවමත් ගෝත්‍රිරිකවාදී වූ අපිට ඒ කතාව වැටහී නැත.සරල උදාහරණය මානුශී වෛද්‍ය සිසුවියකි.ලංකාවේ ඕවාට යන බහුතරයක් ජිම් එකට සැලෝන් එකට දිව්වාට පුස්තකාලය අන්තිමට දැක්කේ ඉස්කෝලෙ යන කාලයේය.මානුශීගෙන් අන්තිම වටයේ ඇසූ ප්‍රශ්ණය වූයේ ලොව වැඩිම වැටුපක් හිමි විය යුතු තනතුර කුමක්ද යන්නයි.ඇගේ පිළිතුර වූයේ අම්මා යන්නයි.ඉන් නොනැවතී ඇය යස අගේට එය විස්තරාත්මකව පැහැදිලි කළාය.ඒ පුළුල් දැක්ම හා චින්තනය හදාගන්න ලාංකීය රූ රැජිනියන්ට අමතක විය.
කලු කෙල්ලන්ද මෙවර අවසන් පස් දෙනා අතර විය.බ්ලීචිං ආනිසන්සයෙන් සුදු වෙන්න දඟලන සමහරක් කලු කෙල්ලන්ට මිස් කෙන්යා යනු වටිනා ආදර්ශයකි.
දැන් 2017 ඉවරයි.2018 යද්දි ෆිගර් එක හැඩ කරන්න වගේම ඔලුව ,හදවත හදා ගන්නත් උත්සහ කරමු.මේ කියන්නේ රූප රාජිනියට විතරක් නෙවෙයි ඔය කොයි කාටත් මේ කතා වලංගු නිසයි.අන්තිමට මට මතක් වුනේ මෙච්චරයි ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝජා වීරසිංහයන් මෙහෙම අහලා තිබ්බා,

“කොණ්ඩ හදන්න තැන් අඩියෙන් අඩියට තිබ්බට ඔලු හදන තැන් කෝ?”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *