දීපිකාගේ ආශාව

‘රේස්’ තුන්වැනි චිත්‍රපටයෙන් පසුව සිය අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා සම්බන්ධ වීමට සුපිරි නළු සල්මාන් ඛාන් කැමැත්ත පළකර තිබෙන බව සඳහන් වේ. ඒ 2014 වසරේදී තිරගත වූ ‘කික්’ චිත්‍රපටයේ දෙවැනි නිර්මාණය වේ.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතය සල්මාන් ඛාන් විසින් නිරූපණය කරන අතර, දිපීකා පදුකෝන් ඔහුගේ පෙම්වතිය ලෙස මෙහි පෙනී සිටියි. කිහිප වරක් ඔවුන් දෙදෙනා යොදා බොලිවුඩ් චිත්‍රපට කිහිපයක් නිර්මාණය කරන්නට කටයුතු කළද නොයෙකුත් හේතු නිසාවෙන් එය අතපසු විය. වාර්තා වන අන්දමට ‘කික්’ දෙවැනි චිත්‍රපටයේ උප චරිතයක් ‘පළමු ‘කික්’ චිත්‍රපටයේ රඟපෑ ජැකලින්ටද ලැබී තිබෙන බවයි.

Karaliya

Administrator of Karaliya.LK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *