නිවාඩු වැඩි 2018

සාමාන්‍යයෙන් අපි අවුරුද්දක් පටන් ගන්න කලින් නිවාඩු කොච්චර තියනවාද කියලා බලන එක පුරුද්දක් වෙලා.ජොබ් එකට යන්නත් කලින් නිවාඩු ටික අල්ලලා ට්‍රිප් යන්න ප්ලෑන් කරන්න අපි හරි දක්ශයිනේ.ඉතිං 2018 ලබන්නේ එහෙම බලාගෙන ඉන්න අය වෙනුවෙන් කිව්වොත් ඒකේ වැරැද්දක් නෑ.

කොටින්ම කතාව මේකයි.දවස් 365න් වැඩකරන දවස් 209ක් විතරයි ඔන්න තියෙන්නේ.දවස් 156ක් ම නිවාඩු.නිකන් නිවාඩු නෙවෙයි මේ බෝනස් නිවාඩු.

මෙදා පාර නිදහස් දිනය යෙදෙන්නේ නම් ඉරිදා දවසක.හැබැයි සඳුදා නිවාඩු දිනයක් කරලා.ඒ විතරක් නෙවෙයි ජනවාරි මාසේ පෝය දෙකක් යෙදිලා තියනවා.1 වෙනිදා සහ31 වෙනිදා විදියට.ඔන්න ඉතිං ඒ නිසා පෙබරවාරියට නම් පෝය නිවාඩු නෑ.

මාර්තු මාසෙත් පෝය නිවාඩු දෙකයි.වෙසක් පෝය ලබන්නේ අප්‍රේල් මාසෙ.මැයි මාසෙ අධි පොසොන් පෝයක් ලබනවා.පෝය නිවාඩු ටික ඔන්න ඔහොමයි.

සති මැද නිවාඩු ටික එකතු කළාම 22යි.රැකියා වරප්‍රසාද නිවාඩු 30යි ඒ ඔක්කෝන නිවාඩු දින 52යි.කෝමද ඒක.

කොහොම නමුත් 2018 වැඩි දවසක් ගෙදර ඉන්න පුලුවන් වේවි කියලයි කැලැන්ඩරේ දැක්කම නම් හිතෙන්නේ.හැබැයි කම්මැලියන් වෙන්න කැලැන්ඩරේ හේතුවක් කර නොගන්නවා නම් අනාගතයට සුබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *