මාදු ගඟේ සවාරියක්

නිවාඩුවට ට්‍රිප් යන්න අපි කතා කරන්නේ වැඩකරන්න පටන් ගත්ත දවසේ ඉඳලමයි.කටින් ට්‍රිප් යන්න අපි කොහොමත් දක්ශයිනේ.අද කියන්න යන්නේ ඇත්තටම යන්න වටින ඒ වගේම හොඳ ෆන් එකක් ගන්න පුලුවන් ට්‍රිප් එකක් ගැනයි.ලෝකෙ වටේ ට්‍රිප් යන්න කලිං පුංචි ලංකාවේ අපි නොගිය තැන් කිහිපයක් දැක බලාගත්තොත් කොහොමද…

ලංකාවේ සතර දෙසින් ගංගාවන් මහ මුහුදට ගලා බසින බව අපි ඉගන ගත්තේ හෝඩියේ පංතියේදි.ඒත් මේ කියන්න යන්නේ රටේ පහලට වෙන්න ආරම්භ වෙන කිලෝමීටර 5ක් 6ක් දුර ගිහිල්ලා මහමුහුදට එකතු වෙන ගංගාවක් ගැනයි.ඒ තමයි මාදු ගඟ…

මිරිදිය දූපත් වැඩිම ප්‍රමාණයකට උරුමකම් කියන මේ අපූරු ගංගාව ප්‍රධාන ජල ධාරා තුනකින් පෝශනය වෙනවා.ඒවා නම් මාගල ඇල,හීන් ඇල,බොරලැස්ස ඇල යන ජල පෝශකයන්.ප්‍රධාන දුපත් විදියට මාදූව,දික්දූව,මිරල දූව,මහල දූව ආදිය හඳුන්වන්න පුලුවන්.මාදූව තුල පන්සලක් හා පාසලක් දකින්නට පුලුවන්.කොත් දූව හි විහාරයක් ඇති අතර වසර 100ගණනක් පැරණි නටබුන් රාශියක් මෙහිදී හමුවී තිබෙනවා.

මාදු ගඟේ සවාරියක් යනවනම් තැනින් තැන තියන සම්භාහන ස්ථාන අමතක කරන්නම බෑ.පුංචි මොසැම්බික්ලා තමයි මේ සේවාව ලබා දෙන්නේ.

කුරුඳු දූපතට යන ඔබට කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන සකසන අයුරු දැක බලා ගැනීමටත් මිලදි ගැනීමටත් ඉඩ සැලසෙනවා.

මාදු ගඟේ යද්දි ඔබට හමුවන කුඩාම දූපත වන්නේ සත පහේ දූපතයි.එහි ඇත්තේ ඉතා කුඩා දේවාලයකි.දේවාලයේ වහලත සත 5ක අනුරුවක් වීම නිසා එම නම ලැබී ඇති බවයි අපට කිව්වේ.

ඉතා අලංකාර කඩොලාන පද්ධතියකින් සමන්විට මෙම තෙත් භූමි කලාපය රැම්සා රක්ශිතයක් ලෙසට නාම කරණු ලැබුවේ 2013 වසරේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *