යූත් එකට හුවාවී

Huawei Y කාණ්ඩයේ නවතම ස්මාර්ට්ෆෝනය ලෙස Huawei Y7 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. නවීන විශේෂතා රැසක් සමඟින් එන Huawei Y7 කාර්යක්ෂමතාව අතින් ද ඉහල ස්මාර්ට්ෆෝනයකි. ස්මාර්ට්ෆෝනය දිගු කළක් සක්‍රියව තබාගැනීමට සහ කාර්යයන් රාශියක් සඳහා භාවිත කිරීම සඳහා වන පාරිභෝගික නිදහස සුරකිමින් මෙම නවතම Huawei Y7 ස්මාර්ට්ෆෝනය නිපදවා තිබේ. නවතම පෙනුම සහ ස්මාර්ට් පවර් සේවින්ග් තාක්ෂණය සහිත 4000mAh බැටරිය, උසස් තත්වයේ කැමරාව ආදී දිගු කළක් සක්‍රියව තබාගැනීමේ විශේෂතා රැසකින් මෙම ස්මාර්ට්ෆෝනය සමන්විත වෙයි.

මෙම නව හඳුන්වාදීම පිළිබඳව අදහස් දැක්වූ Huawei ශ්‍රී ලංකා හි වෙළඳ කළමණාකාර රුවන් ගමගේ මහතා සඳහන් කළේ ශ්‍රී ලාංකේය ස්මාර්ට්ෆෝන් පාරිභෝගිකයාගේ අවශ්‍යතා වලට සරිලන සියලු පහසුකම් නවතම Huawei Y7 හි අන්තර්ගත බවයි. ඉතා කාර්යබහුල ජීවන රටාවක් ගත කරන පාරිභෝගිකයින්ට සිය දෛනික ජීවිතය පහසු කරවීම සඳහා වන විශේෂාංග රැසක් Huawei Y7 හි අන්තර්ගත වන බව ද හෙතෙම සඳහන් කළේය.

ඕනෑම තත්වයකට ඔරොත්තු දෙන පරිදි නිමවා ඇති Huawei Y7 ස්මාර්ට්ෆෝනය අතින් අල්ලා ගැනීමේ පහසුව සඳහා නිමවා ඇත. මෙහි කෙළවර මද වක්‍රාකාර ස්වරූපයක් ගැනීම නිසා ඊට නව පෙනුමක් හිමි ව තිබේ. ලෝහමය නිමාවකින් යුතු මෙම Huawei Y7 ස්මාර්ට්ෆෝනය 5.5” පුළුල් HD තිරයකින් යුක්ත වෙයි. එම නිසා විචිත්‍රවත් වර්ණ සහ ග්‍රැෆික්ස් නැරඹීමේ පහසුකම් වලින් ද යුක්ත වෙයි. අගනා බාහිර පෙනුමකින් යුක්ත මෙම Huawei Y7 ස්මාර්ෆෝනය ක්‍රීඩා, වීඩියෝ, සහ ඡායාරූප යන සියලු කාර්යයන් සඳහා යෝග්‍ය වෙයි.

4000mAh බැටරිය සහ Huawei ස්මාර්ට් පවර් සේවිං තාක්ෂණය නිසා දිගු වේලාවක් ස්මාර්ට්ෆෝනය සක්‍රියව තබාගැනීමට හැකියාව ලැබෙයි. මෙමඟින් පැය ගණනාවක් වුව සංගීතය රස විදින අතර වීඩියෝ ක්‍රීඩා කිරීමේ පහසුකම් ද සහිත වෙයි. Qualcomm Octa-core ප්‍රොසෙසරය , 2GB RAM සහ 16GB ROM නිසා Huawei Y7 ස්මාර්ට්ෆෝනය ඉක්මන් සහ වේගවත් ක්‍රියාකාරීත්වයකින් යුක්ත වෙයි.

Huawei Y7 හි ඇති 12MP පසුපස කැමරාව සහ 8MP F2.0 ඉදිරිපස කැමරාව නිසා සුපැහැදිලි ඡායාරූප ගැනීමේ හැකියාවෙන් ද යුක්ත වෙයි.

කළු සහ රන්වන් පැහැයෙන් වෙළඳ පළට එන Huawei Y7 ස්මාර්ට්ෆෝනය රුපියල් 25,900 ක් වැනි මුදලකට දිවයින පුරා පිහිටි සිංගර් ශ්‍රී ලංකා අලෙවි සැල් සහ Huawei මධ්‍යස්ථාන වලින් මිලට ගත හැකිය.

2016 වසරේ Brand Finance වාර්තා වලට අනුව ලොව හොඳම සන්නාම 100 අතර 47 වන ස්ථානය හිමිකරගෙන ඇත්තේ Huawei විසිනි. එමෙන්ම Interbrand’s හි ශ්‍රේණිගත කිරීම් අනුව ලොව හොඳම සන්නාම අතර 70 වන ස්ථානයට පත්ව ඇත්තේ Huawei සන්නාමයයි. තවද GfK වාර්තා වල පුළුල්තම වෙළඳ පළ ප්‍රතිශතයක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමයක් ලෙස Huawei හඳුන්වා තිබේ.

Karaliya

Administrator of Karaliya.LK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *