රාජකාරිය දේවකාරිය වූ ජපන් කතාව

ජපානය කියූ සැනින් අපට සිහිපත් වෙන්නේ ඉතාමත් දියුණු සංවර්ධිත රටක් කියන කාරනාවයි.මේ කියන්න යන්නේ ජපානයේ සාමාන්‍ය ජීවිතේ කරුණු කිහිපයක්.ජපන් කාන්තාව හරිම සකසුරුවම් කියලයි වාර්තාවෙන්නේ.ලංකාවේ නං දැලි හට්ටි එක්ක ඔට්ටු වෙවී තුන් වේලටම බත් තම්බන එක සිය සදාකාලික ඩියුටිය වුන කාන්තාවන් අතරේ ජපන් ස්ත්‍රිය පැය භාගයක් වගේ කාලයක් ඇතුලත මුළු පවුලටම සරිලන පරිදි ආහාර සකස් කරන්න දක්ශයි.එක හේතුවක් තමයි ඔවුන් වැඩිමනක් ආහාරයට ගන්නේ අමුවෙන් වීමයි.මාලු සහ මාංශ පවා අමුවෙන් සෝස් වර්ග සමග ආහාරයට ගන්න ඔවුන් පුරුදු වෙලා.ආ මතක් වුණ වෙලාවේ ඒකත් කියන්නම් ජපානයේ ජනප්‍රියම ආහාරය අශ්ව මස්.

අපේ තාත්තලාගේ පඩි පැකට්ටුව අම්මගේ භාරයේ තියනවා වගේම ජපන් තාත්තලත් අම්මට පඩිය ගෙනල්ල දෙනවා එදිනෙදා පොකට් මනි ඉල්ලගන්නේ අම්මගෙන්.හැබැයි ඔවුන්ගේ මූලිකත්වය රැකියාවයි.

දෙන්නෙක් කඩේකට ගිහින් කෑවත් බිල දෙකට බෙදාගෙන ගෙවන එකයි ජපානයේ සිරිත.ලංකාවෙ නම් මගුල් ගෙදරකට ගියාම ප්ලේට් එකට සරිලන්න තෑග්ගක් දෙන්න ඕනනේ..හැබැයි ජපානෙ නම් මංගලෝත්සවයට සහභාගි වූ අයම තමයි ආහාර පාන සදහා වියදම් කරන්නේ.

අපේ නම් අම්මලා තාත්තලා කරඳඩු උස් මහත් වෙච්ච දූලා පුතාලා වෙනුවෙනුත් වියදම් කරනවා.ඒත් ජපානයේ දෙමව්පියන් සහ ළමයි අතර සම්බන්ධතාවය නම් ඒ තරම් සමීප නෑ.යන්තමින් අවුරුදු දහය පහුවෙද්දිම ජංගම දුරකතනයක් ඔවුන්ගේ අතේ තියනවා.හැබැයි රීලෝඩ් කරගන්න අපි වගේ අම්මලාගෙන් සල්ලි ඉල්ලන්නේ නම් නෑ.ඒ බිල ගෙවාගන්න සල්ලි උපයා ගන්නේ එයාලමයි.කොහොමත් එයාලා පොඩි කාලේ ඉඳලම පාර්ට් ටයිම් කරනවා කියලයි කියන්නෙ.

නීතිය නම් ඉතාමත් හොඳ තැනක තියනවා.ජපන් මිනිස්සු හරි නීතිගරුකයි කියලයි කියන්නෙ.අපරාධයක් වුනත් පොලිස් පොත් වල වේයො කනකල් ඉන්නේ නෑ කියලයි ජපානෙන් ආරංචි වෙන්නේ.

ලිවින් ටුගෙදර් සංකල්පය ජපානයේ හරි ප්‍රචලිතයි.කේන්දර කුල මල ප්‍රශ්න එයාලට නෑ.තමන්ගේ සහකාරයා හෝ සහකාරිය සොයාගැනීමේ වැඩි ඉඩක් ඔවුන්ට හිමි වෙලා තියනවා.එක වහලක් යට එකට ජීවත් වෙලා බලලා තමයි ඔවුන් බොහොමයක් විවාහ වෙන්නෙත්.

උදෑසන ආහාරය නැතුව අසනීප වී වමනේ ගිය දැරිය ඉස්කෝලෙන් අස් කරන්න ගිය විදුහල්පතිවරු ලංකවේ හිටියට ජපානේ නම් කතාව ඊට වෙනස්.පසුගිය දවසක දහතුන් වියැති දැරිවියක් ගැබ් ගෙන තිබුනා.හැබැයි ඇගේ මව හෝ පංතිභාර ගුරුතුමිය හෝ ඊට කළබල උනේ නම් නෑ..ඊට සුදුසු විකල්පය ක්‍රියාත්මක කළා.ලංකාවෙ වගේ වුනානම් මේ වෙද්දි පත්තර වල ඉන්ටර්වීව්ස්ම කීයක් යාවිද නේ?
ජපානය බෞද්ධ අය වාසය කරන රටක් වුණාට අපේ අම්මලා වගේ ජපන් අම්මලා විභාග කාලෙට බෝධිපූජා කරන්නේ නෑ.එයාලා පන්සලට යන්නේ මරණයක් වුනාම විතරයි.ඒ හැරුනු කොට පන්සල එක්ක ලොකු සම්බන්ධයක් එයාලට නෑ..

රාජකාරිය දේවකාරිය වූ ජපානයේ කතාව ඔන්න ඕකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *