ලංකාවෙ ඇට්ලස්, ග්ලෝබල් ඇට්ලස් තරඟාවලියේ හතරවෙනි තැනට

රටක් විදියට රටේ අනන්‍යතාවය ඉස්සරහට ගෙනියන එක අංශයක් තමයි ක්‍රීඩාව කියන්නේ. ක්‍රීඩාවෙන් ර⁣ට හොල්ලපු, ලෝකෙම හොල්ලපු ලෝකය මැද ආධිපත්‍යය පතුරවන රටවල් අපි ඕනතරං දකිනවා. ඔලිම්පික් තරඟවලදිත් මොනවා වුණත් ඇමෙරිකාවට ගහන්න රැසියාව ක්‍රීඩාවත් උණ්ඩයක් කරගෙන තියෙන්නෙ ඔය හින්ද ම තමයි. ඒ විතරක් නෙවේ. ඇමෙරිකාවත් ශක්තිමත් දක්ෂ එක එක රටවල ක්‍රීඩකයො අරගෙන ඇමෙරිකානු කොඩිය යටතේ තරඟකරවන්නෙ ඔය හේතුවට මයි.
කොහොමින් කොහොම හරි අපේ රටේ ක්‍රීඩාව සම්බන්ධ තත්වයෙ නං ඒ හැටි හොඳක් පේන්න නැ. මොකද වෙන රටවල් ක්‍රීඩාවට අතහිත දෙන තරං අපේ රටේ කිසිම ක්‍රීඩාවකට හොඳින් සලකන බවක් පේන්නත් නැ. තත්වය එහෙම තියෙද්දිත් රටට කීර්තියක් ගේන්න උත්සාහ කරන, අනුග්‍රහයක් මත නොඉඳ ස්වඋත්සාහයෙන් කටයුතු කරන පුද්ගලයනුත් අපේ රටෙන් බිහිනොවෙනවාමත් නොවේ. එහෙම නොනැවතී අනුන් දිහා බලා නොඉඳ හැකි හයියෙන් රට දිනවන්න උත්සාහ කරන ක්‍රීඩකයයෙක් තමයි ” ලූෂන් පුෂ්පරාජ් ” කියන්නෙ.
මීට ටික දිනෙකට ඉහත දී ඇමෙරිකාවේ ටෙක්සාස්හි තිබුණු ” ග්ලෝබල් ඇට්ලස්” කායවර්ධන තරඟාවලිය නියෝජනය කරමින් ලූෂන් සිව්වැනි ස්ථානය හිමිකරගෙන තියෙනවා. එතන දී ආසියාවේ කායවර්ධනය වෙනුවෙන් කරන සේවය උදෙසා ඔහුට විශේෂ ඇගයීමේ සම්මානෙකුත් ලැබිලා තියෙනවා. මේ තරඟාවලියේ පළමු ස්ථානයත් දෙවැනි ස්ථානයත් සත්කාරක ඇමෙරිකාව ම දිනාගෙන ඇති අතර තුන්වැනි ස්ථානය හිමිකරගෙන තියෙන්නෙ ඉන්දියාව.
කොහොම වුණත් කතාව තමයි රටේ ක්‍රීඩා බලධාරීන් කිසි අනුග්‍රහයක් නැතිව තමන්ගේ හයියෙන් තමන්ගෙ හයිය පෙන්නපු ලූෂන් වගෙ මිනිස්සු ඇගයෙන්න ම ඕන ම කියන එක. මොකද ක්‍රීකට් වගෙ ක්‍රීඩාවලට බලධාරියො පොකුරැ පිටින් උදව් කරන විදිය පෙනෙද්දි ඒ එක්ක ම ක්‍රිකටුත් රටේ රෙදි ගලවන විදිය පෙනෙද්දි මේ වගේ ක්ෂේත්‍රවලින් හරි රටට කීර්තිය ⁣ගේන්න තනියම උත්සාහ කරන නිසා. ලූෂන් උඹ අපට ආඩම්බරයක්. ලංකා කොඩියෙ ලෙලදෙන සිංහ සේයාව නිකං ම නිකං සංකේතයක් විතරක් නෙවෙයි කියන වග උඹ දනවපු නිසා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *