සනී ලියොන්ගේ ඩාන්සින් ක්ලාස් එක

බොලිවුඩයේ ‘බාබිඩෝල්’ ලෙස හඳුන්වන සුරූපි සනී ලියොන් මේ දිනවල යෝග ව්‍යායාම් මෙන්ම නර්තනය පිළිබඳව හැදෑරිම සඳහා අමතර පංතියක් සඳහා සම්බන්ධව සිටින බව සඳහන් වේ. වර්තමානයේ වැඩි වශයෙන් බොලිවුඩ් චිත්‍රපටහි ‘අයිටම්’ ගීත සඳහා රංගනයෙන් දායක වන සනී ලියොන් මෙසේ අමතර නර්තන පංතියක් සඳහා යොමු වන්නටද තීරණය කර ඇත්තේ ඒ නිසාවෙන් බව ප්‍රකාශ කර තිබේ.

මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය වූ ‘තෙරා ඉන්තසාර්’හි රූපගත කිරිම් කටයුතු සඳහාද සම්බන්ධව වී සිටින සනී ලියොන් තරමක් කාර්ය බහුලද වී සිටියි. ‘තෙරා ඉන්තසාර්’චිත්‍රපටයේ සනී, සල්මාන්ගේ වැඩිමහල් සහෝදරයා වූ ආර්බාස් ඛාන් සමගින් රංගනයේ යෙදෙන අතර, එය ලබන වසරේ ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.

 

 

 

Karaliya

Administrator of Karaliya.LK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *