සරාගීයම නිලිය අඩ නිරුවත් දර්ශනවලට කැමැත්ත පලකරයි

සල්මාන් ඛාන් බොලිවුඩ් සිනමාවට ගෙන ආ තවත් සුරූපී බොලිවුඩ් නිළියක් ලෙස ශරිනි ඛාන් හැඳින්විය හැකිය. ‘වීර්’ චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි ඇය ඉන්පසුව බොලිවුඩ් සිනමාව තුළ එක්වරම දක්නට නොලැබුණ නිළියක් බවට පත්විය. කෙසේ වෙතත්, පසුගිය වසරේ සිට නැවතත් බොලිවුඩ් චිත්‍රපට සඳහා සම්බන්ධව සිටින ශරිනි නොවැම්බර් මස 17 වැනිදා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිත ‘අක්ෂර්’ දෙවැනි චිත්‍රපටයේද රංගනයේ යෙදේ. ‘අක්ෂර්’ චිත්‍රපටයේ මෙන්ම ඇය ඊට පෙර රංගනයෙන් දායක වූ ‘හේට් ස්ටෝරි’ තුන්වැනි චිත්‍රපටයේ හා ‘වජ් තුම් හෝ’ චිත්‍රපටයේද ඇය සරාගී දර්ශන සහිත රංගනයන්වලට ඉදිරිපත්ව තිබුණි. මේ වනවිට බොලිවුඩ්හි සිටින සරාගී නිළියන් කිහිප දෙනා අතරට එක්ව සිටින ශරිනි, පසුගිය එක්තරා වෙබ් අඩවියක් විසින් කළ සමීක්ෂණයකදී ඇය බොලිවුඩයේ සරාගීතම නිළිය බවටද පත්විය.
අක්ෂර් දෙවන චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින් බලන්න

Karaliya

Administrator of Karaliya.LK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *