සිංගර් විසින් නවතම GEO Smart ශිතකරණ හඳුන්වා දෙයි

පාරිභෝගික භාණ්ඩ අලෙවියේ මෙරට ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා විසින් සිංගර් GEO Smart ශිතකරණ වෙළඳ පළට හදුන්වා දෙයි. ආසියාවේ වඩාත්ම කාර්යක්ෂම සහ බලශක්තිය පිරිමසින ශීතකරණයක් ලෙස මෙම GEO Smart ශිතකරණය වෙළඳ පළට හදුන්වා දී තිබේ.

වසර 2003දී සිංගර් විසින් හඳුන්වා දුන් සිංගර් GEO ශීතකරණ තාක්ෂණය තව දුරටත් වර්ධනය කරමින් මෙම නවතම GEO Smart ශිතකරණය නිපදවා තිබේ. 100%ක්ම පරිසර හිතකාමී ශීතකරණයක් වන මෙම GEO Smart ශිතකරණය R600aක ශීතකරණ හැකියාවෙන් යුක්ත වෙයි. එමෙන්ම 50%ක බලශක්ති අරපිරිමැස්මක් සහිත වීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. භාවිත කරන කාලය පුරාම වගකීමක් සහිත තඹ නල වලින් සැදුම් ලත් මෙම ශීතකරණය අවම නඩත්තුවක් සහිත එකක් වන අතර එහි LED දීප්තිමත් බල්බ් පද්ධතිය සහ දිගු කළක් බලශක්තිය පිරිමසා ගැනීමට හැකිවීම ආදී විශේෂතා රැසකි. දේශීය නිෂ්පාදනයක් වන මෙම සිංගර් GEO Smart ශිතකරණය Regnis කර්මාන්ත ශාලාවේ නිපදවනු ලබයි. මෙම නවතම සිංගර් GEO Smart ශිතකරණ දිවයින පුරා පිහිටි සිංගර් අලෙවිසැල් වලදී වසර 10ක සිංගර් වගකීමේ සහතිකය සමඟ මිලදී ගැනීමෙට හැකියාව ඇත. Inverter, No Frost සහ Direct Cool වශයෙන් වන විශේෂතා අනුව මාදිලි 6කින් මෙම සිංගර් GEO Smart ශිතකරණ මිලදී ගත හැකිය. මෙම සිංගර් GEO Smart ශිතකරණවල උපරිම ප්‍රමාණය ලීටර් 240ක ධාරිතාවයෙන් යුක්ත වෙයි.

සිංගර් GEO Smart ශිතකරණය නවතම Smart තාක්ෂණයෙන් යුක්ත වන අතර ආහාර නැවුම්ව තබාගැනීම සහ බලශක්තිය අරපිරිමැස්ම සඳහා මෙහි ඇති විශේෂතා රැසකි. ඒ අතරපරිසර උෂ්ණත්ව සෙන්සරය මඟින් ශීතකරණය තබා ඇති කාමරයෙන් පිටත ඇති උෂ්ණත්වයට සමගාමීව ශිතකරණය අභ්‍යන්තර උෂ්ණත්වය ස්වයංක්‍රීයව සකස් වීම ප්‍රමුඛ විශේෂතාවයකි එමෙන්ම විදුලි බලය අඩු වැඩි වීමකදී ශිතකරණයේ කොම්ප්‍රෙසරයට හානියක් නොවන ආකාරයට ඊට අනුගත වීමේ ස්වයංක්‍රිය ක්‍රමවේදය සහිත ධාරිතා සෙන්සරය මෙන්ම , ශීතකරණයේ දොර විවෘත කිරීමේදී විදුලි බලය වැයවීම වැලැක්වීමේ ක්‍රමවේදය හා ද්විත්ව ක්‍රියාකාරී උෂ්ණත්ව පාලන ක්‍රමවේදයන් ආදී තාක්ෂණික ක්‍රමවේද රැසකින් මෙම ශීතකරණය සමන්විත වෙයි.

වසර 2013දී හඳුන්වා දුන් සිංගර් GEO මාදිලියේ ශීතකරණ R600a ගෑස් තාක්ෂණය යටතේ මෙරටට හඳුන්වා දුන් ප්‍රථම ශීතකරණය වෙයි. R600a ගෑස් තාක්ෂණය 100%ක් පරිසර හිතකාමී වන අතර HFC තාක්ෂණයේ ශීතකරණ වලින් ඕසෝන් ස්ථරයට සිදුවන හානිය අවම කිරීම හා මිහිතලය උණුසුම් වීම වැනි පාරිසරික හානි අවම කිරීම ද එමඟින් සිදුවෙයි. පරිසරය ආරක්ෂා කිරීම සඳහා වන මොන්ට්‍රියල් ගිවිසුම අනුව වසර 2040වන විට R600a ගෑස් තාක්ෂණය භාවිත කිරීම අනිවාර්ය කිරීමට නියමිතව තිබේ. සිංගර් විසින් මෙම ගෝලීය තත්වයන් මීට දශක දෙකකට පමණ ඉහතදී හඳුනාගනිමින් R600a ගෑස් තාක්ෂණයෙන් යුත් ශීතකරණ මෙරට හඳුන්වා දීමට කටයුතු කර තිබේ.එහිදී සියලු ප්‍රවර්ධනය කිරීම් ආදිය සිදු කළේ ද R600a ගෑස් තාක්ෂණයේ විශේෂත්වය හා වාසි පිළිබදව අවධාරණය කරමිනි. තවද සිංගර් සමාගම විසින් ඒ වනවිට අලෙවි කරමින් සිටි R134a මාදිලියේ ශීතකරණ අලෙවියද සම්පූර්ණයෙන් නවතා දමමින් සම්පූර්ණයෙන් R600a ශීතකරණ අලෙවිය සඳහා යොමු විය.

නවතම සිංගර් GEO Smart ශිතකරණ හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ මහතා සඳහන් කලේ වසර 2013හඳුන්වා දීමේ සිට අති සාර්ථක අලෙවියක් පෙන්නුම් කරන සිංගර් GEO ශීතකරණ මේ වනවිට 500, 000 ක් පමණ අලෙවි කර ඇති බවයි. බලශක්ති අරපිරිමැස්ම සහ Smart තාක්ෂණය සහිතව හදුන්වා දුන් සිංගර් GEO Smart ශිතකරණය වත්මන් පාරිභෝගිකයාගේ අවශ්‍යතාව පරිදි නිමවා ඇති බවත් එය ශීතකරණ ක්ෂේත්‍රෙය් නවතම පෙරළිය බවත් හෙතෙම සඳහන් කළේය. දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන පර්යේෂන හා සංවර්ධන කටයුතු වල ප්‍රතිඵලයක් ලෙස නවතම කාර්යක්ෂම ශීතකරණයක් හදුන්වා දීමට හැකි ව ඇති බව ද සමරසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. නියත වශයෙන්ම මෙම නවතම සිංගර් GEO Smart ශිතකරණය මෙරට වෙළඳ පළ තුල අතිශය ජනප්‍රියත්වයට පත්වනු ඇති බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

සිංගර් ශ්‍රී ලංකා සමාගම Beko,Huawei, Dell, Moulinex, Tefal, Singer, SISIL, Samsung, Hitachi, TCL, Sony, Sharp, Whirlpool සහ Mitsubishi ආදී ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛ නිෂ්පාදන පෙළක් මෙරට පාරිභෝගිකයා වෙත අලෙවි කරන ලබයි. සිංගර් සමාගම දිවයින පුරා පිහිටි 420කට අධික අලෙවි සැල් සහ 2800කට අධික නියෝජිත අලෙවි සැල් ජාලය ඔස්සේ මෙම නිෂ්පාදන අලෙවි කරන අතර ඊට සමගාමීව අලෙවියෙන් පසු සේවාවක් ද සපයනු ලබයි. භාණ්ඩ මිලදී ගැනීමේ දී සිය පාරිභෝගිකයින් වෙත පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම, විශේෂ වට්ටම්, අලෙවි වට්ටම්, ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා විශේෂ දීමනා ආදී වරප්‍රසාද රැසක් ලබාදෙයි.

Karaliya

Administrator of Karaliya.LK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *