2017 වසරේ හොඳම ශ්‍රී ලාංකීය වෙළෙඳ නාම

හොඳ වෙළඳ නාමයක් සමාගමක වටිනාකම වැඩිකරන අතර සේවකයින්ගේ අභිප්‍රේරණය වර්ධනය කිරීමත් ගනුදෙනුකරුවන් රඳවා ගැනීමත් සිදු කරනු ලබයි.

ලෝක වෙළඳ පොළ තුළ කිසිම නිෂ්පාදනයකට හොඳ වෙළඳ නාමයක් නොමැතිව වර්ධනය විය නොහැක.

ඉන්ටර්බ්‍රෑන්ඩ් ආයතනය පසුගිය 11 වනදා කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති හොඳම ශ්‍රී ලාංකීය වෙළෙඳ නාම 2017 සම්මාන උත්සවයේදී

හොඳම වෙළඳ නාම ත්‍රිත්වය ලෙස ලංකා බැංකුව, මහජන බැංකුව සහ ඩයලොග් ආසියාටා සම්මාන ලැබීය.

ඉන් පසුව පිළිවෙළින් කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ලයන්ස්, සම්පත් බැංකුව, ජොන් කීල්ස් හෝල්ඩින්,

එලිපන්ට් හවුස්, කාගිල්ස්, ශ්‍රී ලංකා ටෙලිකොම්, හේලීස්, සිනමන් හොටෙල්, හේමාස්, සෙලින්කෝ ඉන්ෂූරන්ස්, එල් බී ෆිනෑන්ස්, ඩෙල්මා,

එයිට්කන්ස් ස්පෙන්ස්, රොසෙල් ආයතන අග්‍රාමාත්‍යවරයා අතින් සහතික පත් ලබා ගත්හ. මෙහිදී හොඳම වෙළඳ නාම 20 ක් සඳහා අග්‍රාමාත්‍යවරයා විසින්

අදාළ ආයතන ප්‍රධානීන්ට හා නියෝජිතයන්ට සහතික පත් ප්‍රදානය කරන ලදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා :

මෙරට ව්‍යාපාරිකයන් තම නිෂ්පාදන හොඳම වෙළඳ නාම අතරට රැගෙන ඒම හොද දෙයක් බව මම විශ්වාස කරනවා.

අද සම්මාන උළෙලේ දී රාජ්‍ය බැංකු ඉදිරියට පැමිණියා. ලෝකයේ තිබෙන වෙළඳ නාම වර්ගීකරණය පිළිබඳව අප හොදින් තේරුම් ගන්න ඕනෙ.

එවිට අපටත් ඒවා සමඟ හොද තරගයක් දිය හැකියි. හොඳ වෙළඳ නාමයක තිබෙන වටිනාකම අප තේරුම් ගනිමින් අපේ නිෂ්පාදන පෙරට රැගෙන යමු.

මීට පෙර කතා කළ ඉන්දියාවේ, ජර්මනියේ, එංගලන්තයේ කථිකයන් ලෝක වෙළෙඳ පොළේ පවතින ජනප්‍රිය වෙළෙඳ නාම පිළිබඳව සහ

ඒවායේ වටිනාකම් පිළිබඳව පෙන්වා දුන්නා. අපට මේ සෑම දෙයක්ම කරන්න තරඟකාරීත්වය අවශ්‍යයි. අප රටේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රබලයන්

මේ අභියෝගය භාරගෙන තිබෙනවා.

මේ අවස්ථාවට මැති ඇමැතිවරුන්, විදෙස් ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් රැසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *