Times සඟරාවේ වසරේ පුද්ගලයා “Silence Breakers”

ඇමෙරිකානු පුවත් සඟරාවක් වන Times සඟරාව තුළින් සෑම වසරක ම පාසා ” වසරේ පුද්ගලයා” යනුවෙන් සුවිශේෂි පුද්ගලයෙකු තෝරනු ලබනවා. 1999 වෙනකං ම මේ තේරීම ” වසරේ පිරිමියා” හරි “වසරේ ගැහැණිය” හරි විදියටයි නම් හැඳින්වුණේ. මේක පුද්ගලයෙකු සම්බන්ධයෙක් විතරක් නෙවේ එක්කො යම් කිසි අදහසක් එහෙමත් නැත්තං යම් කරැණක් ගැන වුණත් වෙන්න පුලුවන්. මෙහෙම තෝරාගන්නෙ බොහෝ වෙලාවට යහපත් ම හරි අයහපත් ම හරි දෙයක් සඳහා වඩාත් බලපෑම්කාරී තත්වයක් ඇති කළ දෙයක් තමයි.
මුලින් ම මේ සඳහා පුද්ගලයෙකු මෙම සඟරාවට නම් කෙරැණේ මෙම සඟරාවට නම් කෙරැණේ 1927 වර්ෂයේ. ඒ Charles Lindergh නැමැති පුද්ගලයායි. ඔහු 1927 වර්ෂයේ නැවතුමක් නැතිව අත්ලාන්තික් සාගරය හරහා නිව්යෝක් වල ඉඳන් පැරිස්වලට ප්ලේන් එකකින් තනියම ගිහිං තියෙනවා. ඒ නිසයි.
මහත්මා ගාන්ධි, Franklin D. Roosvelt, Adolf Hitler, Harry S. Truman, Winston Churchil, දෙවන එලිසෙබෙත් රැජිණ, Martin Luther king වගේ පුද්ගලයෝ පසුගිය සියවසේ මේ විදියට නම් කෙරැණු අයයි. ඒ වගේ ම George W. Bush( 2004), Wladmir Puting ( 2007), Mark Zukerberg(2010), වගේ ම ගිය අවුරැද්දෙ නම් කෙරැණේ Donald Trump.
මේ අනුව බලපුවා ම කණ්ඩායමකට වසරේ පුද්ගලයා වීමට ඇත්තට ම සුවිශේෂි දෙයක්.
මේ විදියෙං ලෝක ප්‍රකට Times සඟරාවෙ මේ වසරේ පුද්ගලයා ලෙස නම් කෙරෙන්නේ ලිංගික හිංසනය සහ අඩත්තේට්ටම්වලට එරෙහිව නැඟී සිටින The Silence Breakers( නිහඬබව බිඳින්නෝ) නැමැති කාන්තා කණ්ඩායමටයි.
මේ කණ්ඩායම හරහා ලෝකෙ පුරා ම ඉන්න මිලියනයකට වැඩි කාන්තාවන් තමන්ට තමන්ගේ ජීවිතයේ මුහුණදීමට සිද්ධවෙන ලිංගික හිංසනයන් සහ ප්‍රචණ්ඩකාරී අත්දැකීම් බය නැතිව ලෝකයට හෙලිකරනවා. සිනමා නිශ්පාදක හාවි වයින්සිටයින්ට එරෙහිව එල්ල වුණු ලිංගික හිංසා චෝදනා වගේ කාරණා නිසා මේ කථිකාව වැඩි දුරටත් නිරාවරණය වුණා.
කාන්තාවන්ට සිදුවන හිංසාකාරී ක්‍රියා සම්බන්ධව වාර්ථාකිරීම මුලින් ම ආරම්භ කරලා තියෙන්නෙ 2006 අවුරැද්දෙ “ටරානා බර්ක්” විසින්.
මෙම කාන්තා කණ්ඩායම වයින්ස්ටයින් චෝදනා ලැබීමත් සමඟ ගෝලීය වශයෙන් පුළුල් පරාසයක් පුරා ව්‍යාප්ත වුණු සමාජ මාධ්‍ය කණ්ඩායමක් වශයෙන් සලකන්න පුලුවන් කියලා ටයිම්ස් සඟරාවේ ප්‍රධාන කර්තෘ ” එඩ්වඩ් ෆෙල්සන්තල්” විදෙස් මාධ්‍ය හමුවක දී කියලා තියෙනවා. මොනවා වුණත් මේ ව්‍යාපාරය පවත්වාගෙන යාමට පුරැෂයන් ද දායකත්වය දීලා තියෙනවා කියලා ඔහු තවදුරටත් කියනවා.
කොහොම වුණත් ලෝ⁣කයේ විවිධ ක්ෂේත්‍රවලින් , අදහස් වලින් ලෝකෙ ම පෙරලියක් කරන මේ වගේ සමාජ ප්‍රශ්න මතුකරන කාටත් මේ වගේ මතුවෙන්න ලැබෙනවා නං ඇගයෙනවා නං තමයි ඉතිං වඩා හොඳ. අපි බලං ඉමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *